හෙට(04) කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් හෙට පස්වරු 1 සිට රාත්රී 10:30 අතර සිදුවන අතර පෙරවරු 7 සිට පස්වරු 1 දක්වා කාලය තුල එම ප්රදේශවල විදුලිය කප්පාදු නොකෙරේ.
කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 8:50 කාලය අතරතුරදී පැය 2ක යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා අනුමැතිය ලබාදී ඇත.
එසේම ආයෝජන මණ්ඩලය අනුමත කාර්මික කලාප සදහා පෙරවරු 5:30 සිට පෙරවරු 8:50 අතර පැය 3ක විදුලිය කප්පාදුවක් සිදු කෙරේ.