Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුම්රියේ පාඩු ගැන සොයන්න විගණනයක්! කෝපා කමිටුවෙන් නිර්දේශ!

6 months ago

දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කළා.

මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

පසුගිය මැයි මස 08 වැනිදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සලකා බැලීම සිදු වූ අතර එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරුණා.

මේ සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ද කැඳවීමට තීරණය කෙරුණු අතර ඒ අනුව එම නිලධාරීන්ද මෙම කාරක සභා රැස්වීම සඳහා සහභාගී වී සිටියා.

පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු වූ අතර 2021 වර්ෂයේ සිට 2024 වසර දක්වා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් අයුරින් පවත්වා නොමැතිවීම පිළිබඳව කාරක සභාව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසුවා.

මේ අනුව එම හිටපු නිලධාරීන් පෙන්වා දුන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි.

නමුත් 2024 වර්ෂයේ එය විධිමත් කිරීමට සැලසුම් කර තිබුණත් නිලධාරීන් ස්ථාන මාරුවීම නිසා සැලසුම්කර තිබූ අවසන් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බව ඔවුන් පෙන්වා දුන්නා.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම තත්ත්වය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව අවම වී ඇති බවත්, මෙය 2022 වර්ෂයේ දුම්රිය වාර 64ක්, 2023 වර්ෂයේ දුම්රිය වාර 61ක් සහ 2024 වර්ෂයේ දුම්රිය වාර 46ක් ප්‍රමාද වී ධාවනය වීමට හේතුවක් වී ඇති බවයි.

මේ නිසා දීර්ඝව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර අනතුරුව දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වළක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කළා.

එසේම දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසද කමිටුව නිර්දේශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *