අනියම් පෙමක් හේතුවෙන් ඇති වුණු ආරවුලක් මුල්කරගෙන දික්වැල්ලෙන් මෝටර් රථයක දමාගෙන (14) පැහැර ගෙන තිබෙන ඇගුළුම් කම්හල් සේවිකාවක්බද්දේගමදී බේරා ගැනීමට බද්දේගමපොලීසියට හැකිව තිබේ.
ඒ එම ඇඟලුම් හල් සේවිකාව පැහැරගත් ඇගේ අනියම් පුරුෂයා බව කියන තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් මෝටර් රථයද සමඟ අද අත්අඩංගුවට ගනිමිනි.
තිදරු මවක් වූ එම ඇගළුම් කම්හල් සේවිකාව පැහැර ගත් අනියම් සැමියා වන තරුණයාඇය සමඟ වසර තුනත් ඇසුරක් පැවැත්වූවෙකි. දෙදෙනා අතර පැවැතිඑම සම්බන්ධය කැඩී
යාමත් සමඟ උරණ වී සිය මිතුරෙකු සමඟ එක්ව ඔහු ඇයව පැහැරගෙන ඇති බව විමර්ශන සිදුකරන පොලීසිය කියයි.
ඇයව පැහැරගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවන්නේ බද්දේගම පිවිසුමෙනි. එහිදී මුදල් ගෙවන ස්ථානයේ රාජකාරියේ සිටි තියුණු දෙනෙතක් සහිතපොලිස් නිලධාරියෙකුගේ නිරීක්ෂණයට මෝටර් රථය ලක්ව ඇත. පිටුපස අසුනේ ජෝඩුවක් සිටින බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. පසුපස අසුනේ සිටි පිරිමි පුද්ගලයා විසින් කාන්තාවගේ මුඛය අතින් වසාගෙන සිටින අයුරු නිරීක්ෂණය වූ එම නිලධාරියා ඒ බව බද්දේගම පොලීසියට දැනුම් දී ඇත්තේ ඒ වන විට බද්දේගමපිටවුමෙන් මෝටර් රථය පිටව ගොස් තිබුණු බැවිනි.
එම අවස්ථාවේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ බද්දේගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනක් මෝටර් රථය බද්දේගම නගරයට ආසන්න ස්ථානයකදී නතරකර තිබේ. එවිට පිටුපස අසුනේ සිටි පුද්ගලයා රථයේ වීදුරු වසාගෙන දොරවල් අගුල්ලාගෙන සිට ඇති බවත් තරුණියට තියුණු ආයුධයකින් පහරදීමට පටන්ගෙන ඇති බවත් පොලීසිය කියයි. එහිදී පොලිස් නිලධාරියෙක් අහසට වෙඩි තබා මෝටර් රථයේ වීදුරුවක් බිද අගුල් ඇර තරුණියව බේරාගෙන ඇය සමඟ පිටුපස සිටි පුද්ගලයාත් රියදුරුත් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වන විට පිටුපස සිටි පැහැරගෙන ආ කාන්තාව සහ පිරිමියා තුවාල සහිතව සිට ඇති බැවින් ඔවුන් දෙදෙනාම බද්දේගම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. අනතුරුව රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ..
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ තිදෙනාම වලස්මුල්ලේ පදිංචිකරුවන් බවය. වසර තුනක් තිස්සේ පැවති අනියම් සම්බන්ධය අතහැර කාන්තාව වෙනතක් බලා ගැනීම මෙම පැහැර ගැනීමට මුල්වී ඇති බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
– තුසිත කුමාර ද සිල්වා —

චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට