රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේය.
කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබේ.
කෙසේවෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදෙයි.
එම නිසා සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
RELATED :

රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්