රාජ්ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්රලේඛයක් නිකුත් කිරීමට රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය තීරණය කර තිබේ.
අදාළ චක්රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බව අමාත්යාංශ ලේකම් ප්රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේය.
කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබේ.
කෙසේවෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්රලේඛයේ පළමු කොටස පමණක් ක්රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බව රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්වරයා පෙන්වාදෙයි.
එම නිසා සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු බවට නව චක්රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
RELATED :

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!