රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන,ලැප්ටොප් , රත්තරං බිස්කට් රත්‍රං කැබලි ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ හිමිනමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා ඕමාන් ගුවන් සේවයේ අංක WY373 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි එම හිමිනමගේ ගමන්මලු තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගත් බවයි ගුවන්තොටුපොළ රේගුව ප්‍රකශ කළේ.
සැකකාර හිමිනම විසින් ජංගම දුරකථන, ලැප්ටොල් පරිගණක, රන් බිස්කට් සහ රන් කැබලි ඇතුළු රුපියල් ලක්ෂ 225ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ එලෙස මෙරටට රැගෙනවිත් තිබුණා.
මෙම සැකකරු තම ගමන් මල්ල තුල පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල පිහිටි රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත (Green Channel) හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කර තිබුණා.
එම හිමිනම 23 හැවිරිදි තිස්සමහරාම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර සැකකාර හිමිනම දඩ යොමුකිරීමෙන් අනතුරුව මුදාහැරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි