රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන,ලැප්ටොප් , රත්තරං බිස්කට් රත්‍රං කැබලි ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ හිමිනමක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා ඕමාන් ගුවන් සේවයේ අංක WY373 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි එම හිමිනමගේ ගමන්මලු තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගත් බවයි ගුවන්තොටුපොළ රේගුව ප්‍රකශ කළේ.
සැකකාර හිමිනම විසින් ජංගම දුරකථන, ලැප්ටොල් පරිගණක, රන් බිස්කට් සහ රන් කැබලි ඇතුළු රුපියල් ලක්ෂ 225ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ එලෙස මෙරටට රැගෙනවිත් තිබුණා.
මෙම සැකකරු තම ගමන් මල්ල තුල පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල පිහිටි රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත (Green Channel) හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කර තිබුණා.
එම හිමිනම 23 හැවිරිදි තිස්සමහරාම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර සැකකාර හිමිනම දඩ යොමුකිරීමෙන් අනතුරුව මුදාහැරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට