ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ප්රකාශ කරයි.
පසුගියදා (07) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්ය හමුවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම් ගැන ඉවසාගෙන සිටියත් මින් මතු එවැනි ඉවසීමක් සිදුනොකරන බවයි.
රත්තරන් අශ්වයින්ගේ කතා ,ඩුබායි මැරියට් හෝටලයේ කතා ,උගන්ඩාවේ සල්ලි කතා, රොකට් කතා ඇතුළු මඩ ගැසීම් රැසක් සිදු කළ බවත් වර්තමානයේදී කන්ටේනර් සිද්ධියක් මුල් කරගෙන මඩ ගැසීම යළි ආරම්භ කර තිබෙන බවත් මේ සියලුම කාරණා සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
කන්ටේනර් සිද්ධියේදී මීට පෙර ජනවාරි මාසයේ වරායේ කිසිදු පරීක්ෂාවකට ලක් නොකර පිටකළ කන්ටේනර් 323 කොහේ තිබෙනවාද කියා ආණ්ඩුව දන්නේද කියාත් ඒවායේ ගෙනා බඩු භාණ්ඩ මොනවාද කියා හෙළි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවාද කියා නාමල් රාජපක්ෂ විමසා සිටියේය.
එම කන්ටේනර් සිද්ධිය මුල් කරගෙන ආණ්ඩුව නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කිරීම් සිදුනොකරන අතර විපක්ෂය ඵල්ල කරන චෝදනාවලට පිළිතුරු ලබා නොදී රාජපක්ෂවරුන්ට මඩ ගැසීමට ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායක බවද නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සඳහන් කළේය.අපේ පින්තූර පෙන්න පෙන්වා මාධ්යහමු පවත්වන විට පැය දොලහක් ඇතුලත හතර දෙනෙකුට වෙඩ්තබා ගොස් ඇති බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ