විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරති.
කොවිඩ් පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ.
විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ විලා නිකේතන වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා )වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.
ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ

Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි