අනෝජා වීරසිංහ කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටි අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඈ සමත් වූ අතර ම ලාංකීය සිනමාව උදෙසා ඇය සිදුකරන ලද මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැකියි. මේ වන විට වන විට රංගනයෙන් ඈත් වී සිටින ඇය බුදු දහමට ළැදිව ඉතාමත් නිස්කලංක ජීවිතයක් ගත කරනවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්චාවකදී ඇය ගැන නොදත් බොහෝ දේ පවසා සිටියේ මේ අයුරින්.
“මම දැං වසර දහයක් පහලවක් වගේ කාලයක් සියලු දේවල් වලින් ඈත් වෙලා. මම හිස බූ ගෑවාට පස්සේ මගේ කොණ්ඩෙට ආදරය කළ පිරිසක් හිටියා. ඒ අය ගොඩක් දුක් වුණත් එහෙම වෙන්න මට හේතු වුණේ මගේ ජිවිතේ කුඩා කාලයේ ඉඳන්ම මම දේවල් නිසා. මගේ විවහා ජිවිතේ ඉඳලා ගොඩක් තැන්වල අසාර්ථක වුන තැන් නිසා ගොඩක් අසරණ වුන අවස්ථා අදටත් මතක් කරන්නවත් කැමති නැහැ.
ඇත්තටම සිනමාව වෙනුවෙන් කතා කළ නිසා මගේ ගේ ගිනි තිබ්බා. ගොඩක් ප්‍රචාරය යවලා තිබුනෙ ගිනි ගත්තා කියලා. දවස් දෙකක් ඇතුළත මීටින් හතක මම සිනමාව වෙනුවෙන් කතා කළා. සියල්ල ගිනිබත් කළා. මාව නැති කරන්න එව්වෙ දරුණු අපරාධකාරයො. මගේ වාසනාවකට මම වොයිස් ට්‍රේනින් කරලා තිබුණා. මගෙ කොළඹ ගෙදරට මාව අහලා කෝල් එකක් ආවා. ෆෝන් එක ගත්ත මම ම තමයි කිව්වෙ නෝනා ඡන්දෙ දාන්න මොනරාගල ගෙදර ගියා කියලා. මගෙ හඬ අඳුනගන්න බැරි වුණා. එදා තමයි මගෙ මොනරාගල ගෙදර ගිනිබත් කළේ. ඒ කාලෙ මට නින්දක් තිබුණෙ නෑ. රෑ නින්දට යන්නෙත් කලිසමයි ටීෂර්ට් එකයි ඇඳගෙන අතේ මොබයිල් එක තියාගෙන. මාව නැති කරන්න පන්නනකොට තාප්පෙකින් හරි පැනලා යන්න සූදානමින් හිටියෙ. මේ දේවල් එක්ක මාව මානසිකව වැටුණා
රංගනය අද කාලේ විකුණගෙන කන තැනට වැටිලා තියෙන්නේ. රංගනය හදාරන්න හරියට තැනක් නැති නිසා අමාරුවේ වැටෙන කොච්චර අය ඉන්නවද. කෙටියෙන්ම කිව්වොත් සමහර කෙල්ලෝ තමන්ගේ කන්‍යා බාවය අධ්‍යක්ෂක වරුන්ට දීලා හොඳ චරිත වලට රඟපාන්න යනවා. මට ආදරේ කරන මිනිස්සු මගතොටදී පවා මුණගැසෙන අය දක්වන ආදරණීය සෙනෙහස එක්ක හරිම සතුටක් දැනෙනවා.”
මේ විදියට තමයි ඇය පවසා සිටියේ. ඉතින් උතුම් නිර්වානය සොයා යන මාර්ගය ඇයට අවබෝධ කරගැනීමට හැකි වී මේ සසර දුකින් එතෙර වීමට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී