2026 වසර සඳහා වූ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ දමා ඇතැයි සමාජ මාධ්ය හරහා පළවන පුවත් සම්බන්ධව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව අමාත්යවරයා පෙන්වා දෙන්නේ අදාළ තොරතුරු වැරදි සහගත බවත් එය සමාජය නොමග යවන සුළු බවත්ය.
මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
“ඒ සන්සන්දනය කිරීම ඉතාමත් වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය තුන්ගුණයකින් වැඩි කරලා කියලා. ඇත්තටම ඔවුන් ඒ ගණනය කිරීම සඳහා යොදා ගෙන තිබූ තොරතුරු වැරදියි. 2025 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී ඔවුන් පෙන්වලා තියෙන්නේ මිලියන 2,900ක්. ඒ මිලියන 2,900 කියන්නේ 2025 වර්ෂයේදී අයවැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕනේ සංඛ්යා නැතිව. ඒක තමයි කෙටුම්පත විදිහට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ 2025 වැය ශීර්ෂය බවට පත්වන්නේ ඉන් පසුව විශේෂයෙන්ම අපි ඇතුළත් කරන කාරණා දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිද්ධ කරන ක්ලීන් ශී ලංකා ව්යාපෘතියට වෙන් කරන මිලියන 5,050කුත්, පර්යේෂණ හා වානිජකරණයට සඳහා වූ ඒ පර්යේෂණ සඳහා වූ මිලියන 1,000කුත් සමග. ඒ අනුව 2025 වර්ෂයේ නිවැරදි වෙන් කිරීම බවට පත්වෙන්නේ රුපියල් මිලියන 9,000ක් එතකොට මෙම සංසන්ධනය සඳහා ඉදිරිපත් කරන 11.37%ක් කියලා. මේ 11.37% ඇතුළේ අන්තර්ගත වෙනවා ක්ලීන් ශ්රී ලංකා ව්යාපෘතියට යන මුදලත්, මේ පර්යේෂණ සඳහා යන මුදලත්. ඒ නිසා ඒ සංසන්ධනය කිරීමට යන පළමු කාරණයම තාක්ෂණිකව වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්රවෘත්තිය හදලා තියෙන්නේ. ඒ හැර අපි ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ඇතුළේ අපි ඉතාම කළමනාකරණය කරලා අදාළ උචිත පරිදි තමයි වෙන් කරලා තියෙන්නේ.”

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්