පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබේ.
දැනට මහජනාධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක සමෘද්ධි,වැඩිහිටි පුද්ගල,ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන්, ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සහ එම සහනාධාරය අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්,වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පිරිස් සඳහා ප්‍රතිලාභ ලබා දීම මේ යටතේ සිදු කෙරේ.
ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔක්තෝබර් 15 වනදාට පෙර www.wbb.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව සඳහන්ය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ද එම වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි