බැතිමතුන්ට සහ සංචාරකයන්ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විශේෂ දුම්රිය ගමනේ මංගල ගමන් වාරය අවසන් කිරීමට හැකියාව ලැබී නැහැ.
ඒ උත්තර දේවී දුම්රිය පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වීම හේතුවෙන්.
එම නිසා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා අද ගමන් ආරම්භ කළ විශේෂ දුම්රිය මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් එම දුම්රියේ ගමන් කළ මගීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවයි පැවසෙන්නේ
ඊයේ(08) උදෑසන කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලී පැනීමකට ලක්වුණා.
ඉදිරි එන්ජිම සහිත මැදිරිය හා තවත් එක් මැදිරියක් පීලී පැන තිබූ අතර අද පස්වරුව වන තෙක් එය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.
මේ හේතුවෙනුයි උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූයේ.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ