Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දියවැඩියාව ගැන ඇඟ සලිත වෙන අනාවරණයක්

3 weeks ago

රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත් දියවැඩියා රෝගීන් 3න් 1 අයෙක් කුමන හෝ අක්ෂි රෝගයකට ගොදුරු වී ඇති බවත් අක්ෂි ශල්‍ය ‍විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන පවසන‍වා.

මෙලෙස අක්ෂි රෝගයකට ගොදුරුවන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් අන්ධභාවයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා.

ඇසේ සුද ඇතිවීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට පස් ගුණයකින් වැඩිබව පෙන්වාදෙන වෛද්‍ය බන්දුසේන, කලු ඉංගිරියාව තුවාල වීම, ග්ලුකෝමාව ඇතිවීම දියවැඩියා රෝගීන් අතර බහුල වන බවද පැවසුවා.

දියවැඩියා රෝගීන් වසරකට වරක් ඇස් පරික්ෂාවන් සඳහා යොමුවිය යුතු අතර දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්වනුයේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ද හෙතෙම සඳහන් කළා.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ. ආර්. දයාවංශ සඳහන් කරනුයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඇති තරම් සිටියද ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් හා උපකරණ නොමැති වීමට බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛනය දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබෙන බවත් පෙන්වාදෙන විශේෂඥවරයා දැනට ජාතික අක්ෂි රෝහල සතුව පවතින ඇතැම් උපකරණයන් පවා යල් පැන ගිය ඒවා බවද සඳහන් කළා.

‍වෛද්‍යවරු මෙලෙස සඳහන් කළේ ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *