ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආබාධ හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ්භාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
තරගාවලිය ආරම්භ වීමටත් පෙර ආබාධයක් හේතුවෙන් නවක වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීම සිදු විය.
මේ වන විට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද ආබාධවලට ලක්ව සිටිනවා.
ඊයේ එකසත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගය අතරතුර දී වේග පන්දු යවන ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුෂාන් ද ආබාධවලට ලක් විය.
මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය අහිමි වූයේද පාදයක මතු වූ ආබාධයක් හේතුවෙනි.
මෙම ක්‍රීඩකයින් තිදෙනා අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිතයි.
ධනුෂ්ක ගුණතිලකගේ හා ප්‍රමෝද් මදුෂාන්ගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතල නොවන නමුත් දුෂ්මන්ත චමීරගේ ආබාධය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.
ඒ හෙතුවෙන් ඔහුට T20 ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.
කෙසේ වෙතත්, අද දිනයේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාගේ යෝග්‍යතාවය පිළිබද අවසන් තීරණයකට එළඹෙනු ඇති.

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්