ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආබාධ හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහ්භාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා.
තරගාවලිය ආරම්භ වීමටත් පෙර ආබාධයක් හේතුවෙන් නවක වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංකට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීම සිදු විය.
මේ වන විට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද ආබාධවලට ලක්ව සිටිනවා.
ඊයේ එකසත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගය අතරතුර දී වේග පන්දු යවන ක්‍රීඩකයින් වන දුෂ්මන්ත චමීර හා ප්‍රමෝද් මදුෂාන් ද ආබාධවලට ලක් විය.
මැදපෙල පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය අහිමි වූයේද පාදයක මතු වූ ආබාධයක් හේතුවෙනි.
මෙම ක්‍රීඩකයින් තිදෙනා අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමට නියමිතයි.
ධනුෂ්ක ගුණතිලකගේ හා ප්‍රමෝද් මදුෂාන්ගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතල නොවන නමුත් දුෂ්මන්ත චමීරගේ ආබාධය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.
ඒ හෙතුවෙන් ඔහුට T20 ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.
කෙසේ වෙතත්, අද දිනයේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාගේ යෝග්‍යතාවය පිළිබද අවසන් තීරණයකට එළඹෙනු ඇති.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්