මීගමුව, ආඬිඅම්බලම ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (23) සවස 2.30ට පමණ මීගමුව ඔරලෝසු කණුව අසල දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යම් කොල්ලයක් සිදුකර පළා යන අවස්ථාවේ දී පොලීසිය ඔවුන් පසුපස හඹා ගොස් ඇත.
එහිදී යතුරුපැදියේ ගිය පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක් වූ තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අනෙක් පුද්ගලයා ද මේ වනවිට තුවාල ලබා මීගමුව රෝහල ට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා