Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන්ට යළිත් වැඩ වරදී

4 weeks ago

2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද (18) තීන්දු කළා.

අදාළ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අරගලකරුවෙකු විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.

 එහෙත් එවක ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් අතර, මහාධිකරණය අද ප්‍රකාශ කළේ එම නිගමනය නීත්‍යානුකූල නොවන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *