2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ල ප්රතික්ෂේප කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය අද (18) තීන්දු කළා.
අදාළ පැමිණිල්ල ප්රතික්ෂේප කිරීමට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරනු ලැබුවා.
අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අරගලකරුවෙකු විසින් මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා.
එහෙත් එවක ප්රධාන මහේස්ත්රාත්වරයා එය ප්රතික්ෂේප කිරීමට පියවර ගත් අතර, මහාධිකරණය අද ප්රකාශ කළේ එම නිගමනය නීත්යානුකූල නොවන බවයි.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්