මෙවර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අයවැය පරාජය වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත වූයේ ආණ්ඩු පක්ෂය බරපතල බෙදීම් රැසක් මැද බවයි.
22ට ආණ්ඩුවේ පිරිසක් සහය නොදුන් බවත් ඉදිරි අයවැයට පෙර එම කණ්ඩායම තමන්ට අමාත්‍යධූර ලබා දෙන ලෙසත් තම ඥාතීන්ට ආණ්ඩුකාර ධූර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාට බලපෑම් සිදු කරන බවත් ජයසුමන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.
ඒ අනුව එම ඉල්ලීම් ඉටු නොවුණහොත් අයවැය පරාජය වීමේ තත්ත්වයක් තිබෙන බවද පැවසූ ඔහු අයවැය දෙවරක් පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බව සඳහන් කළේය.
වර්තමානයේද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය රඳාපවතින්නේ මන්ත්‍රීවරුන් අටත් දහයත් අතර සුළු ප්‍රමාණයකින් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරන්නේ අද අමාත්‍යාංශ අක්‍රීය වී ඇති බවත් දවසින් දවස ආණ්ඩුව අවුලෙන් අවුලට යන බවයි.
මෙය නිවැරදි කර නොගතහොත් අයවැයෙන් ආණ්ඩුව පරදිනු ඇති බවද ඔහු පවසයි.
සති අන්ත පුවත්පතක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියි.
‘අද තියන අමාත්‍යාංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදු පොරමුණට නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන’

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්