ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි තවත් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය 23 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සැකකාරියට එරෙහිව ගෙන තිබූ දින 90ක රැඳවුම් නියෝග 2026/1/15 දිනෙන් අවසන් වන බැවින් තවත් දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාලව විදෙස් ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

සාමාන්‍ය පෙළ සමත් සිසු සිසුවියන් 300කට ඉන්දියාවෙන් ආධාර
හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි