ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි තවත් දින 90 ක් රඳවා තබාගෙන ප්රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය 23 දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සැකකාරියට එරෙහිව ගෙන තිබූ දින 90ක රැඳවුම් නියෝග 2026/1/15 දිනෙන් අවසන් වන බැවින් තවත් දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාලව විදෙස් ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට අවශ්ය පියවර ගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ