ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 53ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් විය.
- හැරී බෲක්: නොදැවී ලකුණු 136
- ජෝ රූට්: නොදැවී ලකුණු 111
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ, ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 358ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 304ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා වූ පවන් රත්නායක තම මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 121ක් රැස් කළේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වේගවත් ලකුණු 50ක් ලබා ගත්තද, අනෙක් පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවීය.
එංගලන්ත පන්දු යැවීම:
- ජෙමී ඕවර්ටන් – කඩුලු 2
- විල් ජැක්ස් – කඩුලු 2
- ලියම් ඩෝසම් – කඩුලු 2
- ආදිල් රෂිඩ් – කඩුලු 2

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!