ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 53ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 357ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් විය.
- හැරී බෲක්: නොදැවී ලකුණු 136
- ජෝ රූට්: නොදැවී ලකුණු 111
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ, ධනංජය ද සිල්වා සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
ලකුණු 358ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 304ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා වූ පවන් රත්නායක තම මංගල එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 121ක් රැස් කළේය. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වේගවත් ලකුණු 50ක් ලබා ගත්තද, අනෙක් පිතිකරුවන්ට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවීය.
එංගලන්ත පන්දු යැවීම:
- ජෙමී ඕවර්ටන් – කඩුලු 2
- විල් ජැක්ස් – කඩුලු 2
- ලියම් ඩෝසම් – කඩුලු 2
- ආදිල් රෂිඩ් – කඩුලු 2

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි