Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාටවත් බයේ පඩි වැඩි කරන්නෑ! වර්ජකයින්ට රජයෙන් දැනුම්දීමක්!

1 week ago

වැඩි වැටුප් අපේක්ෂාවෙන් රට හැර යන බවට තර්ජනය කරමින් විවිධ වරප්‍රසාද ඉල්ලා සිටින කණ්ඩායම්වලට රජය කිසිසේත්ම යටත් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් බඳවාගත් සෞඛ්‍ය සහකාර නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා මෙරට ආර්ථික දුෂ්කරතා තේරුම් ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට කැපවන පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු මෙහිදී පවසා සිටියේය.

“කවුරුහරි අපිට තර්ජනය කරන්න එනවා නම්, රට දාලා යනවා කියලා මොකක් හරි ඉල්ල ගත්තොත්, ඔවුන් තව දෙයක් පෙන්වා නැවතත් එවැනිම තර්ජන සිදු කරනු ඇති” බවත්, එවැනි අයට වඩා රට තුළ රැඳී සිටිමින් සේවය කරන පිරිස රජයට බෙහෙවින් වැදගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය පාලන සමයන්හිදී මෙන් දේශපාලන උවමනා මත දහස් ගණනින් පිරිස් රාජ්‍ය සේවයට පටවා ගැනීමේ ක්‍රමය වත්මන් රජය අත්හැර දමා ඇති බවත්, ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ආයතනවල සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන විධිමත් සැලසුමකට අනුව බඳවා ගැනීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පිරිස් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති අතර ඉන් 8,000කට වැඩි පිරිසක් මේ වන විටත් බඳවාගෙන අවසන් බව මෙහිදී අනාවරණය විය. 2022 වසරේදී මෙරට ආර්ථිකය නිල වශයෙන් බංකොලොත් වූ බව ප්‍රකාශ කළ අසීරු අවධියක මෙම පත්වීම් ලාභීන් සේවයට එක්වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, රාජ්‍ය සේවය යනු සෙල්ලමක් නොව දැඩි වගකීම් සහගත කාර්යයක් බවත්, දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය සේවකයන්ද එම වගකීමෙන් බැඳී සිටින බවත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *