වැඩි වැටුප් අපේක්ෂාවෙන් රට හැර යන බවට තර්ජනය කරමින් විවිධ වරප්‍රසාද ඉල්ලා සිටින කණ්ඩායම්වලට රජය කිසිසේත්ම යටත් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් බඳවාගත් සෞඛ්‍ය සහකාර නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා මෙරට ආර්ථික දුෂ්කරතා තේරුම් ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට කැපවන පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය ප්‍රමුඛතාව ලබාදෙන බව ඔහු මෙහිදී පවසා සිටියේය.
“කවුරුහරි අපිට තර්ජනය කරන්න එනවා නම්, රට දාලා යනවා කියලා මොකක් හරි ඉල්ල ගත්තොත්, ඔවුන් තව දෙයක් පෙන්වා නැවතත් එවැනිම තර්ජන සිදු කරනු ඇති” බවත්, එවැනි අයට වඩා රට තුළ රැඳී සිටිමින් සේවය කරන පිරිස රජයට බෙහෙවින් වැදගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය පාලන සමයන්හිදී මෙන් දේශපාලන උවමනා මත දහස් ගණනින් පිරිස් රාජ්‍ය සේවයට පටවා ගැනීමේ ක්‍රමය වත්මන් රජය අත්හැර දමා ඇති බවත්, ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ආයතනවල සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන විධිමත් සැලසුමකට අනුව බඳවා ගැනීම් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පිරිස් 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති අතර ඉන් 8,000කට වැඩි පිරිසක් මේ වන විටත් බඳවාගෙන අවසන් බව මෙහිදී අනාවරණය විය. 2022 වසරේදී මෙරට ආර්ථිකය නිල වශයෙන් බංකොලොත් වූ බව ප්‍රකාශ කළ අසීරු අවධියක මෙම පත්වීම් ලාභීන් සේවයට එක්වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, රාජ්‍ය සේවය යනු සෙල්ලමක් නොව දැඩි වගකීම් සහගත කාර්යයක් බවත්, දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය සේවකයන්ද එම වගකීමෙන් බැඳී සිටින බවත් පෙන්වා දුන්නේය.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්