නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජීප් රථයක් ගාල්ල නගරයේදී පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරකයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ඊයේ (30) ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේ දී පානදුර – වලාන මධ්‍යම දූෂන මර්ධන ඒකකය විසින් සුඛොපබෝගී ජිප් රථයක් පරික්ෂාවට ලක් කර තිබුණා.
එහි දී අදාළ ජීප් රථය තුළ තිබි කිසිදු මත්ද්‍රව්‍යක් හමු වී නොමැති අතර එහි අංක තහඩුව ව්‍යාජ එකක් බවටයි හඳුනා ගැණුනේ.
වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මෙම ජිප් රථය නීති විරෝධී ලෙස මෙරටට
ගෙන්වා එකලස් කරන ලද එකක් බවටයි.
එහි චැසි අංකය වෙනත් වාහනයක අංකයක් බවටද නිරීක්ෂණය කර තිබෙනවා.
රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එය පදවමින් සිට ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂකයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විසිනි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ජීප් රථයේ ලියාපදිංචි අංකය ලෙස ප්‍රදර්ශනය කර තිබුණේ මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බවට මේ වන විට අනාවරණය කර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.
-hirunews-

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්