සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග තුනකික් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
පැවති වර්ෂාවත් සමඟ ඊයේ තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකිවිය.
ඒ හේතුවෙන් තරගය පන්දුවාර 17කට සීමා විය.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 තුළ සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 133කි.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 37ක්, පැතුම් නිස්සංක ලකුණු 23ක් රැස්කරගත්හ.
පන්දුයැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ආදීල් රෂීඩ් සහ සෑම් කරන කඩුලු තුන බැගින් බිඳහෙළුහ.
ශ්‍රී ලංකාවට එරෙහිව 16 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ සෑම් කරන් විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගන්නා ලදී.
එංගලන්තය ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේදී ජයග්‍රහණය සඳහා පන්දුවාර 02ක් තුළ ලකුණු 09ක් පමණක් එංගලන්තයට අවශ්‍යව තිබියදී තරගය වර්ෂාව හේතුවෙන් නතර කරනු ලැබුවා.
එහිදී ඔවුන් පන්දුවාර 15ක් අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 125ක් රැස් කර ගත්තා.
එංගලන්තය වෙනුවෙන්, ෆිල් සෝල්ට් ලකුණු 46ක්ද, ටොම් බැන්ටන් ලකුණු 29ක්ද, ජොස් බට්ලර් ලකුණු 17ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග කඩුළු 02ක්ද, මතීෂ පතිරණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින්ද දවා ගත්තා.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!