රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම සම්බන්ධනේ රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය ගුරුවරුන්ටද ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරනවා.
පවතින ආර්ථික පීඩනය හමුවේ ඉහළ මිලක් ලබාදී සාරි මිලදී ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවත් ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් බොහෝ ගුරුවරියන් පා පැදි හා යතුරු පැදි භාවිතා කරමින් පාසල් පැමිණීම සිදු කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ.
ඒ අනුව එම තත්ත්වය මත සාරිය හා ඔසරිය මහත් බාධාකාරීවී ඇති බැවින් රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කර ඇති රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීමට අදාළ චක්‍රලේඛය ගුරුවරුන්ටද ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ගුරුවරියන් දරුවන් සමඟ කටයුතු කිරීමේදී සාරිය, ඔසරිය වැනි ඇඳුමකට වඩා වෙනත් පහසු සරල ඇඳුමක් සැරසීමෙන් කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි බවයි ලංකා ගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී