සීගිරිය, ගලකොටුව ප්‍රදේශයේ නිවසක ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට (Charge) තබා තිබියදී සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් හටගත් ගින්නකින් උසස් පෙළ සිසුවියකගේ පොත්පත් ඇතුළු දේපළ රැසක් විනාශ වී තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී සිසුවිය සහ ඇයගේ මව අසල නිවසකට ගොස් සිට ඇති අතර රාත්‍රී 10 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
ප්‍රදේශයට පස්වරුවේ විදුලිය නොතිබීම හේතුවෙන්, විදුලිය ලැබුණු පසු ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය පොත් මේසය මත තබා ආරෝපණය වීමට සලස්වා තමන් අසල්වැසි නිවසට ගිය බව සිසුවියගේ මව ප්‍රකාශ කර ඇත.
ප්‍රදේශවාසීන්, පොලීසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළද, ඒ වන විටත් සිසුවියගේ පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ කාමරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි.
නිවසේ වෙනත් ස්ථානයක ගින්නක් හටගත් බවට සාධක නොමැති බැවින්, ජංගම දුරකථනය ආරෝපණය වූ ස්ථානයෙන් මෙම විදුලි කාන්දුව හටගන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
වාසනාවකට මෙන් සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, සීගිරිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමන් අතර හමුවක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට
වනිඳුගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව නිකුත් වෙයි! ගත් තීරණය මෙන්න!
ළඟදීම රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරුවලට වෙනසක්
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට