වෑද්දුන් කාර්මික ශිල්පියකුට දකුණු කොරියාවේ රුපියල් ලක්ෂ 12 ක මුදලක් හිමි වෙතත් දැනට ආරම්භ කර ඇති පාඨමාලා අධ්‍යයනයට ප්‍රමාණවත් පරිදි සිසුන් ඇතුළත් නොවන බව ඔරුගොඩවත්ත, කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ භාතිය අමරනාත පවසනවා.
මෙම පාඨමාලාව ඇතුළු ආයතනය විසින් පූර්ණ කාලීනව පවත්වන සියලුම පාඨමාලා නොමිලයේ පවත්වනු ලැබේ.
වෑල්ඩින් ශිල්පීන් පිළිබඳව සමාජයේ ඇති ආකල්ප සහ එවැනි රැකියාවකට යමෙක් යොමුවන්නේ අධ්‍යාපන මට්ටමෙන් පහළ සිටින නිසා බැවින් යැයි බොහෝ දෙනා සිතන බැවින් දෙමාපියන් පවා මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට දරුවන් යොමු නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.
එම මතය තම ආයතනය දැඩිව ප්‍රතික් ෂේප කරන බවත් ලංකාවෙන් පළමු වරට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 5) සපුරා මෙම වෑල්ඩින් කාර්මික පාඨමාලාව හදාරා නිම කළ වෘත්තීයමය සුදුසුකම් ඇති 150 දෙනකු ඉදිරි දින කිහිපය තුළ කොරියාවට පිටත් කර යවන බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය. ඔවුන්ට එහිදී රුපියල් ලක්ෂ දොළහක වැටුපක් ලබා දෙන බවට මේ වන විට අදාළ කොරියානු සමාගම් ගිවිසුම්ගතව ඇත. මෙම පූර්ණකාලීන වෑල්ඩින් පාඨමාලාව ආරම්භ කළ 2019 වසරේදී එය හැදෑරීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ දිවයිනෙන්ම සිසුන් 12 ක් පමණි. එමෙන්ම මෙම වසරේ ද මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ ඇත්තේ සිසුන් 16 දෙනකු පමණි.
-අරුණ-

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට