හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකුව පැහැරගෙන ගොස් නිවසක සිරකර තබාගෙන රුපියල් 40,000ක මුදලක් කොල්ලකෑ බවට වේයන්ගොඩ පොලීසියට ලද සැකකටයුතු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබේ.
මෙම පැහැර ගැනීම සිදුවූයේ යැයි කියනුයේ පසුගිය 02 වෙනිදාය. වේයන්ගොඩ පොලීසියට ඔහු පැමිණිලිකර ඇත්තේ වේයන්ගොඩ පිහිටි නිවසේ සිට සිය මස්සිනා සමඟ යතුරු පැදියකින් වේයන්ගොඩ දුම්රිය ස්ථානය වෙත එදින පැමිණි බවය. වේයන්ගොඩින් දුම්රියට ගොඩවී මරදානෙක් බැස පාගමනින් යමින් සිටියදී ගාමිණි හෝල් හංදිය ආසන්නයේදී නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ගාලුපාර දෙසට යන්නේ කෙසේදැයි තමාගෙන් විමසූ බව ඔහු සඳහන් කරයි.
ඊට පිළිතුරු දෙන අතර වෑන් රථයෙන් බැස ගත් අයෙක් තමාව වෑන් රථයට ඇද දමාගෙන දෑස් බැද රැගෙන ගිය බව ඔහු පොලිසීයට පවසා තිබේ.
තමාව නිවසකට රැගෙන ගිය බවත් කන්න බොන්න පවා දුන් බවත් ඔහු පොලීසියට කියා ඇත. එදින රැය එම නිවසේ ගත කළ බවත් උදෑසන යම් පුද්ගලයෙක් “ උඹලට හරියට වැඩක් කරන්න දන්නේ නැහැ. ගේන්න කියපු එකාව නෙමෙයිනේ ගෙනත් තියෙන්නේ.“ යැයි පවසමින් තමාව නැවත ගිහින් දාන්නයැයි කී බවද මෙම සැරයන්වරයා වේයන්ගොඩ පොලීසියට පවසා තිබේ.
එහිදී තමා සතුව තිබුණු රුපියල් 40,000ක මුදලක් ලබාගෙන නැවතත් දෑස් බැද වාහනයක දමාගෙන ගොස් අතහැරිය බවත් සොයා බැලීමේදී තමාව දමාගොස් තිබුණේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් බවත් ඔහු පවසයි. මුදල් අතේ නොතිබුණු බැවින් සිය බිරිදට දුරකතන ඇමතුමක් දී බැංකුවට රුපියල් 10,000ක් දමාගෙන එය ඒ.ටී.එම්. කාඩ්පතින් ලබාගෙන නිවසට පැමිණි බවද ඔහු පවසයි.
සැරයන්වරයාගේ බිරිද 02 වෙනිදා සවස සිය සැමියා අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් කර තිබුණු බව පොලීසිය කියයි. ඒ උදෑසන රාජකාරි සඳහා ගිය සිය සැමියාගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත වී ඇති බව සඳහන් කරමිනි.
ආරක්ෂක කැමරා දත්ත විමර්ශනය කරමින් මෙම පැමිණිල්ල ගැන විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි
දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
ශෂීන්ද්‍ර ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් කරයි