යහපාලන රජය සමයේ, එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමතියට යටත්වයි පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
හිටපු පොලිස්පතිවරයා ලෙස එන්.කේ ඉලංගකෝන් කටයුතු කරන සමයේ ද ප්‍රිශාන්ත ජයකොඩි මධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රිශාන්ත ජයකොඩි
රත්නපුර ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ අතර එවක දී මරණ තර්ජන එල්ල
වූවා යැයි පවසමින් ඔහු දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව ගොස් කළක් එහි ජීවත්ව තිබෙනවා.
එකී සිද්ධියෙන් අනතුරුව 2013 අගොස්තු මාසයේ දී එවක පොලිස් අධිකාරීවරයෙකු ව සිටි ප්‍රිශාන්ත ජයකොඩි සේවය හැර ගියා සේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සලකා ඇතැයි ද වාර්තා වනවා.
අනතුරුව නැවත මව්බිමට පැමිණි ඔහු එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන කටයුතුවල
නියැලුණු අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ
2016 – 2019 සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
පසුව මැතිවරණයට තරග කළ ප්‍රියශාන්ත ජයකොඩි, දේශපාලන පළිගැනීමේ ලැයිස්තුව යටතේ යලිත් පොලිස් සේවයට එක් වී තිබෙනවා.
එපමණක් නොව ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂකයෙකු වූ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව භාරව කටයුතු කළ නිලධාරියා ලෙස ද ප්‍රිශාන්ත ජයකොඩි කටයුතු කළ බවටයි වාර්තා වන්නේ.
දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දක්වා උසස් වීම් ලබා සිටින ප්‍රිශාන්ත ජයකොඩි,
බස්නාහිර පළාත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබනවා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට