පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා පැවසුවේ අත්යවශ්ය සේවාලාභීන්ට පමණක් හෙට (08) දින සිට එක්දින සේවය මගින් ප්රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය.
තවද රාජ්ය හා රාජ්ය නොවන ආයතන සඳහා ලබා දෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්යාපනය කිරීම හා ඉංග්රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් ක්රියාත්මක නොවන බවත් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ප්රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්ය සේවය/ පෙරටු කාර්යාලය නැවත දැනුම්දෙන තුරු ක්රියාත්මක නොවන බවත් පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමට නියමිත බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි