ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් කළු කඩ මාෆියාව නතර කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. ඒ අනුව යම් පුද්ගලයෙකුට ගෑස් ලබාගැනීමට අවශ්‍ය නම් තම නිවසේ විදුලි බිල්පත ගැස් අලෙවි නියෝජිතයා වෙත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්යය වනු ඇති.
එලෙස විදුලි බිල්පත ඉදිරිපත් කර ගෑස් ලබාදීමෙන් පසු එම බිල්පතට ගෑස් සිලින්ඩරයක් නිකුත් කළ බවට වන මුද්‍රාවක් තැබීමටයි සැලසුම් කරමින් ඇත්තේ. මෙම ක්‍රමවේදය අධීක්ෂණය කිරීම සඳහා පොලීසියේ සහය ලබාගැනීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. එහි බෙදා හැරීමේ කටයුතු ලබන 07 වනදා ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ. මෙලෙස 05 වනදා දිවයිනට පැමිණෙන්නේ මෙරටට ලැබීමට නියමිත ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයේ පළමු කොටස වන අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ අඛණ්ඩව මාස 04ක් පුරාවට ගෑස් තොග ලැබෙන බවත් අගෝස්තු මාසය වන විට ගෑස් පෝලිම් අවසන් කළ හැකි බවත්ය.
PREVIOUS : හිටපු අගමැති මහින්ද මැරෙනකම් රතිඤ්ඤා තබාගෙන සිටින පිරිසක් ගැන පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රකාශයක්
NEXT : IMF ණය පිළිබඳ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වන ලකුණු! ණය ලබා දීමට ඇමෙරිකාවෙන් කොන්දේසි තුනක්!

2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී