ගෘහස්ථ ගෑස් ලබාගැනීම සඳහා විදුලි බිල්පත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.
ගෑස් කළු කඩ මාෆියාව නතර කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. ඒ අනුව යම් පුද්ගලයෙකුට ගෑස් ලබාගැනීමට අවශ්‍ය නම් තම නිවසේ විදුලි බිල්පත ගැස් අලෙවි නියෝජිතයා වෙත ඉදිරිපත් කිරීම ඉදිරියේදී අනිවාර්යය වනු ඇති.
එලෙස විදුලි බිල්පත ඉදිරිපත් කර ගෑස් ලබාදීමෙන් පසු එම බිල්පතට ගෑස් සිලින්ඩරයක් නිකුත් කළ බවට වන මුද්‍රාවක් තැබීමටයි සැලසුම් කරමින් ඇත්තේ. මෙම ක්‍රමවේදය අධීක්ෂණය කිරීම සඳහා පොලීසියේ සහය ලබාගැනීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ලබන 05 වනදා මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. එහි බෙදා හැරීමේ කටයුතු ලබන 07 වනදා ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ. මෙලෙස 05 වනදා දිවයිනට පැමිණෙන්නේ මෙරටට ලැබීමට නියමිත ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයේ පළමු කොටස වන අතර ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ අඛණ්ඩව මාස 04ක් පුරාවට ගෑස් තොග ලැබෙන බවත් අගෝස්තු මාසය වන විට ගෑස් පෝලිම් අවසන් කළ හැකි බවත්ය.
PREVIOUS : හිටපු අගමැති මහින්ද මැරෙනකම් රතිඤ්ඤා තබාගෙන සිටින පිරිසක් ගැන පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රකාශයක්
NEXT : IMF ණය පිළිබඳ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වන ලකුණු! ණය ලබා දීමට ඇමෙරිකාවෙන් කොන්දේසි තුනක්!

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ