ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(22) නිවේදනය කළා.
නවතම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කැපී පෙනන අයුරින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඊයේ(21) තරගයේ දී ලකුණු 110ක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු චරිත් අසලංක ස්ථාන 19කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.
ධනංජය ද සිල්වාද ස්ථාන 12කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 69 වැනි ස්ථානයේ පසුවනවා.
එමෙන්ම ඔහු පන්දු යවන්නන් අතර 61 වැනි ස්ථානය දක්වා ද ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ අතර, 20යි 20 ශ්‍රේණිගත කිරීම් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.
වනිදු හසරංග 20යි 20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, මහීෂ් තීක්ෂන එහි තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඩග්ලස් දේවානන්දට වැඩ වරදී! අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න!
හිටපු ජනපති රනිල්ගේ සවාරිය ගැන 50කගෙන් ප්‍රශ්න කරයි
දියවඩන නිළමේ අවසන් සටනට තිදෙනෙක්
ඉන්ධන මිල පහත දමයි
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට
ලෝකෙන්ම දෙවැනි තැනට පැමිණි විරාට් කෝලි
ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට තවත් සුපිරි ජයක්
ඩිල්ෂාන් මධුසංඛට දඩයක් හා දඬුවම් ලකුණක් පනවයි
ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැඩි විනය නීති මාලාවක් පනවයි! දුරකථන භාවිතා තහනම ඇතුළු කරුණු රැසක් ඒ අතරට!
LPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද
කලම්බු ස්ට්‍රයිකර්ස්ට කඩුලු 09ක පහසු ජයක්! මතීෂ පතිරණ තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කරයි!